ඔබ මෙතනයි:  මුල් පිටුව

ජගත් ඕසෝන් දිනය සැමරුම

2013 - ජගත් ඕසෝන් දිනය සැමරුම නිමිත්තෙන් වන ශ්‍රී ලංකාවේ ජාතික උත්සවය ලබන සැප්තැම්බර් 16 දින මහරගම තරුණ සේවා සභාවේ ශාලාවේ දී පැවැත්වෙන බව පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ ජාතික ඕසෝන් ඒකකය පවසයි.

මේ නිමිත්තෙන් පැවැත්වෙන උළෙලට පාසල් සිසුන් දහසක් පමණ සහභාගී කර ගැනීමට ද කටයුතු කර තිබේ.
ඕසෝන් වියන සුරකින අතරම සුරක්ෂිත වායුගෝලයක් අනාගතයට උරුම කරදීම සඳහා ලක්වාසීන් දිරිගැන්වීම අරමුණු කොට ජාතික ඕසෝන් ඒකකය පවත්වනු ලබන “අනාගතය උදෙසා සුරක්ෂිත වායුගෝලයක්” මැයෙන් යුතු දීප ව්‍යාප්ත පෝස්ටර් තරගයේ ත්‍යාග ප්‍රදානය ද මෙදින සිදු වේ.

මෙම තරගය කාණ්ඩ තුනක් යටතේ පැවැත්වෙන අතර කාණ්ඩ තුන සඳහා ම පළමු දෙවන තෙවන ස්ථාන සඳහා මුදලින් ත්‍යාග හිමිවන අතර කුසලතා සහතිකපත් 20ක් ද ලබා දීමට නියමිතය.

නිර්මාණ ඉදිරිපත් කළ යුතු අවසාන දිනය ලබන සැප්තැම්බර් 10දින වන අතර පෝස්ටර් තරගාවලිය පිළිබඳ වැඩිදුර විස්තර දූරකතන අංක 0112883417 හෝ විද්‍යුත් තැපෑල මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ / වෙබ් www.noulanka.lk මඟින් ලබාගත හැකි බව ජාතික ඕසෝන් ඒකකය පවසයි.

විමසුම : www.news.lk

 
Submit to FacebookSubmit to Google BookmarksSubmit to TwitterSubmit to LinkedIn