ඔබ මෙතනයි:  මුල් පිටුව

අද අන්තර්ජාතික තරුණ දිනය සැමරේ.

අද (12 )දා අන්තර්ජාතික තරුණ දිනය සැමරේ.මේ වසරේ තේමාව තරුණ සංක්‍රමණය: සංවර්ධනය පෙරට ගෙනයාම.(‘Youth Migration: Moving DevelopmentForward.’) මෙම තේමාව මුල්කර ගෙන මෙම දිනය සමරණ ලෙස තරුණ ප්‍රජාව දිරිගන්වන අතර මෙම දිනයේදි තරුණ ප්‍රජාව පිළිබඳ 2013 ලෝක වාර්තාව ද  එළිදක්වන බව එක්සත් ජාතීන් ගේ සංවිධානය පවසයි.  සංක්‍රමණික තරුණ තරුණියන්ගේ ජීවන අත්දැකීම් මෙන්ම සංක්‍රමණයට තරුණ ප්‍රජාවගේ සහභාගිත්වයේ භූමිකාව එනම් සංවර්ධන ප්‍රතිපත්ති සම්පාදනය සහ භාවිතය ගැන ගැඹුරින් විවිධ පැතිකඩ ඔස්සේ කරුණු දැක්වීමක් මෙම වාර්තාවෙන් සිදු කෙරේ.
අන්තර්ජාතික වශයෙන් සංක්‍රමණයේ යෙදෙන ජනතාවගෙන් 30% ක් තරුණ ප්‍රජාවයි.තරුණ ප්‍රජා සංක්‍රමණය ආශ්‍රිත ඇති වන අවස්ථා සහ අවදානම් ගැන මෙදින ජන අවබෝධය ඉහල නැංවීමට ක්‍රියා කරන අතර මෙම විෂය සම්බන්ධයෙන් මෑතදී සිදුකරන ලද පර්යේෂණ සහ විශ්ලේෂණවලින් ලැබෙන දැනුම සහ තොරතුරු හුවමාරුකර ගැනීමට පියවර ගැනේ.එමෙන්ම සාකච්ඡාවලදි තමන් ගේ  අත්දැකීම් ගැන කථා කිරීමට තරුණ තරුණියන් උනන්දු කරන බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.තරුණ සංක්‍රමණිකයින් තමන්ගේ මුල් සමාජයට සහ  අතරමැදි සහ  ගමනාන්තය වශයෙන් තෝරා ගන්නා සමාජවලට ආර්ථික වශයෙන් සහ සමාජ සහ සංස්කෘතික නිර්මිතිය පෝෂණය කරමින් දක්වන ධනාත්මක මෙහෙවර මෙනෙහි කිරිම වැදගත් බව එක්සත් ජාතීන් ගේ මහ ලේකම් බැංකි මූන් මහතා පවසයි.බොහෝ දෙනා දිවි පැවැත්ම හා උසස් ජීවන තත්ත්වයක් පිණිස වෙහෙස මහන්සි වී වැඩකරති. ඔවුන්උපයා ගන්නා මුදල් තම රටවල පවුල්වලට එවීමෙන් එම රටවල ආර්ථිකයට මහත් දායකත්වයක් ලැබෙන බවද ඔහු පවසයි.
ශ්‍රී ලංකාවේ තරුණ දින සැමරුමක් අද මීගමුව පල්ලන්සේන විශෝධන මධ්‍යස්ථානයේදි පැවැත්වෙයි. බන්ධනාගාරවල තරුණ රැඳවියන් සම්බන්ධ කරගනිමින් එය සංවිධානය කෙරේ. යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන ඇමති ඩලස් අලහප්පෙරුම, බන්ධනාගාර සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමති චන්ද්‍රසිරි ගජධීර යන මහත්වරු ප්‍රධාන ආරාධිතයෝය.බන්ධනාගාරවල තරුණ රැඳවියන් ගේ ගැයුම් වැයුම් නර්තන ආදී නිර්මාණ සහ ක්‍රීඩා ආදිය අද වැඩසටහනට ඇතුලත්වෙයි.ජාතික තරුණ සේවා සභාව සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව එය සංවිධානය කරයි.

ව්මසුම : www.news.lk

 
Submit to FacebookSubmit to Google BookmarksSubmit to TwitterSubmit to LinkedIn